කොළ බලකොටුවක් වුණ කොළඹ එජාපයට අහිමිවෙලා” – හිරුණිකා

561

‘කොළ බලකොටුවක්’වූ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට හිමි ඡන්ද මෙවර හිමිව ඇත්තේ සමගි ජන බලවේගයට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි.

මාස එකහමාරක් පමණ කාලයක් තුල එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සියලු ඡන්ද සමගි ජනබලවේගයට එක් කර ගැනීමට හැකිවීම ගැන තමන් සතුටු වන බවයි ඇය සඳහන් කරන්නේ.

තම පක්ෂයට වාසි සහගත ආසන වල යහපත් ඡන්ද ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ලැබෙන බවත් ඇය පවසනවා.