කොළඹ බන්බන්ධනාගාරවලට හෙට සිට STF කණ්ඩායමක්

411

වැලිකඩ,කොළඹ මැගසින් බන්ධනාගාරය,රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ කාන්තා අංශයේ ආරක්ෂාව සඳහා හෙට සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතිබව වර්තා වේ.

එහිදී STF නිලධාරීන් 100ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බවයි බන්ධනාගාර උසස් නිලධාරියෙකු පැවසුවේ.

තවද,බන්ධනාගාර තාප්ප වලට පිටතින් තහනම් භාණ්ඩ විසි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා මෙම තීරණය ගත් බවයි අදාළ නිලධාරියා තවදුරටත් සදහන් කළේ.