BREAKING NEWS
Search

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළට….!!!

292

තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1876 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 28 දෙනෙකු අද දිනයේ ද පුර්ණ සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ ගියේය. 

රෝහල් ගතවතවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 715ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් 650 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය තිබේ.