කොවිඩ් සුවවූ ඇතැම් දරුවන්ට තවත් රෝගයක්

337

කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාරවලින් පසු සුවය ලබන දරුවන් අතරින් ඇතැම් දරුවන් බහු පද්ධති සංකූලතාව නමැති රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා සඳහන් කරන බව අද (22) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කෙරුණා.

ඉතාම විරල ආකාරයෙන් දරුවන් පන්දහසකින් එක් අයකුට ලෙස ඇතිවිය හැකි මෙම රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් සුව කළ හැකි බවයි ශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

ඒ සඳහා සිදු කළ යුතුව තිබෙන්නේ දරුවා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමේදීම කඩිනමින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යෑම බව ද එහිදී සඳහන් කෙරුණා.

උදර රෝගී තත්ත්වයක් සමග අසාමාන්‍ය ලෙස පාචනය ඇතිවීම මෙම රෝගී තත්ත්වයේ සුලබ රෝග ලක්‍ෂණයක් බවද පෙන්වා දෙන මහාචාර්යවරයා මෙහිදී කඩිනමින් දරුවා ප්‍රතිකාරය සදහා යොමු කිරීම ඉතා වැදගත් බව ද පවසනවා.