”කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීමෙන් ජාතිවාදයක් ඇතිවෙන්න පුළුවන්” – රවුෆ් හකීම්

469

කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය,ඉරණතිව් දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ කොරෝනා වයිරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමීදානය සඳහා කිළිනොච්චිය ඉරණතිව් දුපත තෝරා ගත් බවට අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දි කෙහෙළිය රඹුක්වැල්ල කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහ ගෙන ඇති බවයි.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

ලක්ෂ්මී ජයකොඩි