කොවිඩ් වැළඳීමෙන් තවත් හෙද නිලධාරිනියක් සහ වෛද්‍යවරයෙක් මියයයි

415

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොරෝනා ආසදනය වීමේ සහ මරණයට පත්වීමේ ප්‍රවණතාවයක් මතුව තිබේ.

රදාවාන මුලික රෝහලේ සේවයේ නිරතව සිටි 48 හැවිරිදි හෙද නිලධාරීනියක ද ඊයේ (19) කොරෝනා ආසාදනය වී මියගිය බව එම රෝහල් බලධාරීන් ප්‍රකාශ කළහ.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරයෙකු ද ඊයේ (19) වෛරසය ආසාදිතව සිට ජිවිතක්ෂයට පත් විය.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

පරිපාලනමය වශයෙන් වාර්තාවෙලා ඉන්නේ වෛද්‍යවරු තුන්දෙනෙක් හෙදියක් සහ සුළු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් නමුත් මීට වැඩිය අය මෙතන ඉන්න පුළුවන් මේ කියන සංඛ්‍යාවට වඩා විශාල ප්‍රමාණයෙකින් වැඩිවීමක් නෙවෙයි. ඒ ආසන්න ප්‍රමාණයක මරණ අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්