කොවිඩ් රෝගියා සේවය කල බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ කිහිප දෙනෙකුටම උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරලා

2212

මිනුවන්ගොඩ සහ දිවුලපිටියට මීට ටික වෙලාවකට පෙර පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූවා.ඒ අද උදෑසන දිවුලපිටියේ පදිංචි ඇඟලුම් සේවිකාවකට කොවිඩ් රෝගය වැලඳී ඇති බව තහවුරු වීමත් සමඟයි.

ඇය සේවය කරනු ලබන්නේ මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් ඇඟලුම් කම්හලක වන අතර එම ආයතනයේ 400 කට ආසන්න පිරිසක් සේවය කරනවා.ඉන් කිහිප දෙන්කුටම පසුගිය දිනවල උණ රෝග ලක්ෂණ පෙන්නුම් කල බවයි වාර්තා වන්නේ.

මේ අතර දිවුලපිටිය දෙව් මැඳුරේ වාර්ෂික පූජාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල ක්‍රීඩා උළෙලක් අද උදෑසන පැවති අතර ඒ සඳහාද 1000-2000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව බොහෝ දෙනා බඩු මිලට ගැනීම සඳහා නගරයට පැමින ඇති බවද වාර්තා වනවා.