කොවිඩ් මාරයා රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයා ද බිළි ගනියි(Photos)

600

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මිය යන විට මෙම වෛද්‍යවරයා 34 වැනි වියේ පසු විය.

කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සති 02ක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබින් සිටිය දී ඔහු මෙසේ මිය ගොස් ඇත.

මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ මිය ගිය දෙවන වෛද්‍යවරයා යි.

පසුගිය පෙබරවාරි මාසයේ ද රටම කම්පාවට පත්කරමින් වෛද්‍ය ගයාන් දන්තනාරායන කොවිඩ් මාරයාට බිළි වූයේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදීයි.