BREAKING NEWS
Search

කොවිඩ් නිසා රාජ්‍ය සේවකයින්ට සිමා පැනවීමට සුදානමක්

329

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම බොහෝ දුරට හෙට (27) දින සිට සීමා කිරීමට සිදු වනු ඇතැයි රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි උපුටා දක්වමින් “අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ සම්බබන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි.එහි අවසන් තීරණය අද හෝ හෙට ප්‍රකාශ කරන බවයි.

මීට පෙරදීද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබුණා.

එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය.එනම් වසරක කාලයකට පසුවය.