කොවිඩ් නසන ඇමරිකා-ඉන්දියා එන්නත සැප්තැම්බරයේ වෙළෙඳපොළට…..!!!

222

ඇමරිකාව ඉන්දීය පර්‌යේෂණ ආයතනයක් සමග එක්ව අත්හදා බලමින් සිටින කොවිඩ් වෛරසයමර්දන එන්නතක් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව බීබීසී ඇතුළු පුවත් සේවා වාර්තා සඳහන් කරයි.

අමරිකානු රාජ්‍ය ලේකම් මයික් හෙම්පියෙන්ද මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු සත්‍ය බව පෙරේදා (27 වැනිදා) දිනයේ සනාථ කළේය.

රාජ්‍ය ලේකම්වරයා පවසන ලද්දේ ඩෙංගු, බඩවැල් ආශ්‍රිත රෝග, ඉන්ෆ්ලුවෙන්සා සහ ක්ෂය රෝගය ඇතුළු තත්ත්වයන් රැසක් වැළැක්වීමට රටවල් දෙක දැනටමත් සිදුකර ඇති ඒකාබද්ධ පර්‌යේෂණවල දිගුවක් ලෙස මෙම නව එන්නත නිපදවීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවයි.

මෙම ඇමරිකා ඉන්දියා ඒකාබද්ධ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන්ගේද සහායෙන් මෙහෙය වන ලබන්නේ ඉන්දියාවේ විශාලතම එන්නත් නිපදවන සමාගමක් වන ‘සේරම් ආයතනය’ විසිනි. වසර 53ක් පැරණි සේරම් ආයතනය විසින් සෑම වසරකම විවිධ රෝගී තත්ත්වයන් වෙනුවෙන් එන්නත් බිලියන 1.5ක් නිපදවනු ලබයි.

එසේම මෙම ආයතන විසින් රෝග 20ක් සඳහා වූ එන්නත් ලෙස රටවල් 165කට පමණ අපනයනය කරන අතර ලොව ලාබදායීම මහපරිමාණ එන්නත් සැපයුම්කරුවා සේරම් ආයතනය බවද බීබීසී වාර්තාවේ සඳහන් වේ.

මේ වන විට මීයන් සහ වඳුරන් ආශ්‍රිතව කොවිඩ් වෛරසයට එරෙහි එන්නත අත්හදා බැලීමට සේරම් ආයතනය කටයුතු කර ඇත.
ඒවායින් ලද සාර්ථකත්වය මත ඉදිරියේදී මිනිස් අත්හදාබැලීම් සිදුකර සැප්තැම්බර් මාසය වන විට අවම කරමින් එන්නත් මාත්‍රාවන් මිලියනයක්වත් නිපදවීමට හැකිවනු ඇතැයි සේරම් ආයතනයේ විධායක නිලධාරී අදාර් පූනවල්ලා (Adar Punawalla) ප්‍රකාශ කර ඇත.