BREAKING NEWS
Search

කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි

321

කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

අමාත්‍යංශ යෝජනා ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ඇමැතිනිය මේ බව පැවසූවාය.

ඒ අනුව ඉදිරියටත් කො‍විඩ් 19 මරණ භූමදානය සිදුනොකර ආදාහනය පමණක් සිදුකිරීමට රජය කටයුතු කරන බව ඇමැතිවරිය කියා සිටියාය.