කොවිඩ් ආසාදිත තෙවැනි ගැබිණි මරණය කුරුණෑගලින් වාර්තා වෙයි

221

කොවිඩ් වෛරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක්කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

කොබෙයිගනේ,බොරළුගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයට කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමකට යොමු කර තිබේ.

එම සැත්කමෙන් ප්‍රසූත කරන ලද දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙය කොරෝනා වෛරසය ආසාදනය මෙරට සිදු වූ තෙවන ගැබිණි මරණය බව සෞඛ්‍ය අංශ කියයි.

ලංකාදීප