කොවිඩ් අතරේ තවත් මාරාන්තික වෛරසයක් – ආසාදිතයින්ගෙන් 88%කගේ ජීවිත අවදානමේ

801

ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ නමැති ඉතා ඉක්මණින් බෝවන රක්තපාත උණ සහිත වෛරසය හේතුවෙන් ගිනියාවේ පුද්ගලයෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා

‘මාබර්ග්’ වෛරසය බටහිර අප්‍රිකාවේදී හඳුනා ගත් පළමු අවස්ථාව මෙයයි.

 

මෙම වෛරසය වැළඳුණහොත් මරණයට පත්වීමේ හැකියාව 88% බවත් කොරෝනා වෛරසය මෙන් සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් බවත් වාර්තාවෙනවා.

 

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගලා එන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

 

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අනතුරුවයි.