BREAKING NEWS
Search

කොවිඩ් අතරේම දරුවන්ට තවත් රෝගයක් – වැළදෙන්නේ සුරතල් සතුන්ගෙන්

293

පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් දරුවන් අතරේ මේ දිනවල සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා

පාසල් නිවාඩුව නිසා දරුවන් මේ දිනවල නිවෙස්වල වැඩි වශයෙන් පූසන් සහ කුඩා බලු පැටවුන් සමග කාලය ගතකරන හෙයින් එම සතුන්ගෙන් මෙම වටපණු රෝගය දරුවන්ට පැතිරෙන බවද ඔහු ප්‍රකාශ කරනවා

පූසන්,බලු පැටවුන් වැනි කුඩා සතුන්ගේ ශරීරයන්හි මෙම වටපණුවන් සුලභව වර්ධනය වනවා

එවිට ඒ සතුන් සමග නිතර ගැටෙන දරුවන්ටද එම වටපණුවන් ඇතුළුවීමෙන් ඔවුන්ගේ සම මත මුල් අදියර යටතේ පණු ගෙඩි ඇති කරවන බවයි දීපාල් පෙරේරා මහතා පවසන්නේ

අනතුරුව මෙම වට පණුවන් දරුවන්ගේ ඇස්වලට,මොළයට සහ පෙණහලුවලට ඇතුළුවීමෙන් බරපතළ සංකූලතා ඇති කරවන බවත්,මෙම පණු රෝගයට ගොදුරු වූ දරුවන් පිරිසක් තමාට පසුගිය දින කිහිපයේදී හමුවූ බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා

නිවෙස්වල සුරතලයට ඇති කරන මෙවැනි සතුන්ට පණු බෙහෙත් ලබාදීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ