කොල්ලට 24යි,කෙල්ලට 26යි මෙම අනියම් ජෝඩුව කාන්තාවන් විකුණන මුවාවෙන් මුදල් වංචාකර මාට්ටු

313

දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක කාමර දෙකක් කුලී පදනම මත ලබාගෙන කාන්තාවන් අලෙවි කරන මුවාවෙන් ධනවතුන් ගෙන්වාගෙන ඔවුන් නි’රුවත් කර රන් ආහරණ,මුඳල් ඇතුළු දේපල කොල්ලකෑ කාන්තාවක ඇතුළු දෙදෙනකු දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් පෙරේදා (2 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසින් ව්‍යාජ පෙනී සිටි අයකු ද මේ අතර වන බව පොලිසිය කියයි.සැකකරු හෝමාගම පදිංචි වයස අවුරුදු 24ක තරුණයකු වන අතර කාන්තාව කිරුලපන කුඹිකැලේ පදිංචි වයස අවුරුදු 26ක තැන්තියකි. මෙම දෙදෙනා අනියම් අඹු සැමි යුවළක් බව ද පොලිසිය සඳහන් කරයි.

නිවාස සංකීර්ණයේ කාමර දෙකක් කුලියට ලබාගෙන අන්තර්ජාලය භාවිත කරමින් කාන්තාවන් අලෙවියට කියා විවිධ ධනවත් පුද්ගලයන් කාමරයට ගෙන්වාගෙන පසුව අනියම් සැමියා ද ගෙන්වාගෙන ඔහු දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිට පිහි පෙන්වා බියකර ඔවුන් නි’රුවත් කර විඩියෝගත කරමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඔවුන්ගේ රන් භාණ්ඩ හා මුදල් ද කොල්ලකා ඇති බවත් පොලිසිය කියා සිටියි.

ඒ අතර,ඕමානයේ සිට පැමිණි පුද්ගලයකු අන්තර්ජාලයෙන් ලබාගත් දුරකතන ඇමතුමක් අනුව මෙම කාමරයට පැමිණි අවස්ථාවේ එම කාන්තාව හා පුද්ගලයා එකතු වී ඔහු නි’රුවත් කර විඩියෝ කර අන්තර්ජාලයට මුදාහරින බව පවසා බිය කර රන් මාල හා රුපියල් පනස් දහසක මුදලක් කොල්ලකා ඇති බවත්,ඒ අනුව ඔහු දෙවල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වී යැයි පොලිසිය කීය.

වැඩිදුර සිදුකළ විමර්ශනයේදී මෙම ස්ථානයට වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්,ව්‍යාපාරිකයන්,ඇතුළු පිරිස් ද පැමිණ අඩන්ට්ටම්වලට ලක්වී ලජ්ජාව නිසාම පැමිණිලි කිරීමට යොමු නොවී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එල්.දුෂ්මන්ත ලියනගේ මහතාගේ අධීණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික මහේෂ් මලවීර මහතාගේ උපදෙස් පරිදි උපපොලිස් පරික්ක දිසානායක.පොලිස් කොස්තාපල්වරුන් වන (64825) නිහාල්,(91860) චාමර,(94078) රත්නායක,කාන්තා පොලිස් කොස්තාපල් (10208) සඳමාලි යන නිලධාරිහු මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරති.

උපුටාගැනිමකි