කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .
කොරෝනා ආසාදනයවූ දරුවන් දස දෙනකු ළමා රෝහලේදී මේදක්වා මියගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය
ළමයින්ට කොරෝනා ආසාදනයවීම වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කී පෙරේරා මහතා කොරෝනා වැළඳුණු දරුවන් 5 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ලේඩි රිජ්වේ රෝහලින් දිනපතා වාර්තාවන බවද ප්‍රකාශ කළේය .
කොරෝනා ආසාදනයවූ දරුවන් 28දෙනකු ලේඩි රිජ්වේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බවත් ඒ පිරිසේ කොරෝනා සහ ඩෙංගු යන රෝග තත්වයන් දෙකම දක්නට ලැබෙන දරුවන් කිහිප දෙනකුද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය .
කොරෝනා වාට්ටු දෙකෙන් එක් වාට්ටුවක ළමයින් 18 දෙනෙකුද අනෙක් වාට්ටුවේ ළමයින් 10 දෙනෙකුද ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.