BREAKING NEWS
Search

කොරෝනා හමුවේ වැසුණු පාසල් නිසා කෘෘරත්වය ඉහළ යයි.දැරියන් තිදෙනෙකුත් ගැබ් ගනී

840

කොවිඩ් වසංගතයත් සමඟ මෙරට පාසල් අධ්‍යාපන කටයුතු කඩා වැටීමකට ලක් වුණේ දරුවන් මාස ගණනක් තිස්සේ නිවෙස් වෙත කොටු කරමින්.

මෙම තත්ත්වය තුළ මෙරට දරුවන්ට එරෙහි කෲරත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ නිවසේ අනාරක්ෂිත වූ දැරියන් තිදෙනෙකුම ගැබ් ගැනීමේ සිදුවීම් පවා වාර්තාවීම අවාසනාවන්ත තත්ත්වයක්.

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ආරම්භ වූ වකවානුවේම එනම් පසුගිය මාර්තු මාස සිටම දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදු වුණා.වරින් වර අවස්ථා කිහිපයකදී පාසල් විවෘත කරන්නට උත්සහ ගත්තද එම උත්සහයන් 100%ක් සාර්ථක වූයේ නැහැ.

ඒ අනුව සාමාන්‍යයෙන් වසරකට 200කට වැඩි දින ගණනක් පාසල් යන දරුවෙකුට මෙම වසර තුළදී පාසල් යාමට හැකිවුණේ දින 90කටත් අඩු කාලයක්.

බස්නාහිර පළාත තුල මෙම තත්ත්වය තවත් දරුණු වෙමින් දරුවන්ගේ පාසල් ගමන දින 50 කටත් අඩු කාලයකට සීමා වුණා.

මෙලෙස දරුවන් නිවසටම කොටුවීම නිසා ඇතැම්විට ඇති වූ අනාරක්ෂිත භාවයන් හේතුවෙන් දරුවන් ලිංගික හිංසනයන්ට පවා ගොදුරුවීමේ අවසනාවන්ත තත්ත්වයන්ද වාර්තා වී තිබෙනවා