කොරෝනා වෛරසය විනාශ කරන බව හෙළිවේ

757

පාරජම්බුල ආලෝක කිරණ නිකුත් කරන ඩයෝඩ හෙවත් යූ.වී. – එල්.ඊ.ඩී. මගින් නව කොරෝනා වෛරසය කාර්යක්ෂමව, ක්ෂණිකව සහ අඩු වියදමකින් විනාශ කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

මේ නිසා එලෙස පාරජම්බුල කිරණ නිකුත් කරන උපාංග, වායු සමීකරණ සහ ජල පද්ධතීන් වලට සම්බන්ධ කළ හැකි බවයි එම සොයා ගැනීම සිදුකළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ එක්සත් ජනපද ටෙල් – අවීව් මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විෂබීජානුහරණය පිළිබඳ ලොවේම අවධානය යොමුවී ඇති මොහොතක මෙම සොයා ගැනීම විශේෂ වැදගත්කමකින් යුක්ත බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙමගින් බස් රථ, ගුවන් යානා, දුම්රිය, ක්‍රීඩා ශාලා වැනි විශාල ප්‍රදේශ රසායනික ඉසීමෙන් විෂබීජානුහරණයට විශාල ශ්‍රමයක් අවශ්‍ය වන අතර, පාරජම්බුල කිරණ නිකුත් කරන එල්.ඊ.ඩී. විදුලි පහන් ඒ සඳහා ඊට වඩා පහසුවෙන් යොදා ගත හැකිවනු ඇති.