කොරෝනා රෝගියෙක් බුලත් විටක් කන්න රෝහලෙන් පැන යයි…

289

කොරෝනා ආසාදිතයෙකු වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටියදී වැලිකන්ද නගරයේ ත‍්‍රී රෝද රථ රියදුරෙක් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ බුලත් විටක් ගැනීම සඳහා තමන් නගරයට පැමිණි බවයි.

පසුව එම රෝගියා නැවතත් වැලිකන්ද රෝහලට භාර දීමට කටයුතු කර තිබේ.

එම පුද්ගලයා කොළඹ 5 නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ත‍්‍රිරෝද රත රියදුරා,කඩ හිමියා ඇතුළු ආශ‍්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇත.