කොරෝනා පරාජය කරමින් ලොව පුරා අලුත් එන්නතක් පැතිර යයි…..!!!

229

ඉතාලිය ප්‍රථම වරට කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවා තිබෙනවා.

මීයන් යොදාගනිමින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව මෙම එන්නත නිපදවා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

මෙම එන්නත පුද්ගලයෙකුද යොදාගනිමින් සාර්ථකව අත්හදා බලා ඇති බවයි එරට පර්යේෂකයින් සඳහන් කළේ.

මේ අතර ලොව පුරා කොරෝනා මරණ 264,807 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 3,818,577 ක්. එමෙන්ම වෛරසය ආසාදනය වී 1,292,296 දෙනෙකු සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ගතවූ පැය 24 තුළ එරටින් මරණ 2,520 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 74,791 ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,262,693 ක්.

බ්‍රිතාන්‍ය තුළ ගතවූ පැය විසි හතරේ කොරෝනා මරණ 649 ක් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 30,076 ක් ලෙසයි දැක්වෙන්නේ.

එරට ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.

එමෙන්ම රටවල් 12 ක සිරවී සිටින ඉන්දියානුවන් 15,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය රට ගෙන්වාගැනීමේ කටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා ගුවන් යානා 60 ක් යොදවා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ගතවූ පැය විසි හතරේ ඉන්දියාවේ නව කොරෝනා මරණ 92 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,785 ක් ලෙසයි දැක්වෙන්නේ.

නව ආසාදිතයන් 3,587 ක් හමුවීමත් සමඟ එරට ආසාදිතයන් සංඛ්‍යාව 52,987 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.