කොරෝනා තුන්වන රැල්ල පාලනයට ආණ්ඩුව සෑම පියවරක්ම ගෙන තිබෙනවා…

96

කොවිඩ් තුන්වන රැල්ල පාලනය සදහා ආණ්ඩුව ගත හැකි,ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැගෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ කොවිඩ් කමිටු රැස්වීමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීණ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ කොවිඩ් එන්නකරණ වැඩපීලිවෙල කඩිනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි සති කීපය තුළ කොවිඩ් එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද ඇමතිවරයා සදහන් කළේය. රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් ආර්ථික තත්ත්වය ද රැක ගැනීම මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝගයයි. එම අභියෝගයට මුහුණ දීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව ද පෙන්වා දෙයි.

කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින්, ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන කොරෝනා වෛරසය සඳහා සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරමින් ආරක්ෂක අංශ දක්වන සහායද මේ මොහොතේ අගය කරන බව කී අමාත්‍යවරයා කොවිඩ් වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් බව දැන දැනත් රෝගය මර්ධනය කිරීම සදහා රජයට සහාය වෙනවා වෙනුවට විපක්ෂය කටයුතු කරන්නේ වගකීම් විරහිතව යැයිද පෙන්වා දුන්නේය.

මෙම ගෝලීය වසංගත තත්ත්වය යටතේ හෝ රජයට පහරදී බලය ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය කරන පදනම් විරහිත ප්‍රකාශවලට අවධානය යොමු කරනවා වෙනුවට වෛරසය පාලනය කර, එන්නත්කරණ වැඩපිළිවෙල මගින් සෞඛ්‍ය ගැටලුවට නිසි විසදුම් දීම මෙන්ම වෛරසය පාලනය කර ජනතාව ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කළේ ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව මිස විපක්ෂයේ වැඩ බැරි ටාසන්ලාට අවශ්‍ය පරිදි නොවන බවයි.

මිනුවන්ගොඩ රෝහල දැනට කොවිඩ් රෝහලක් බවට පත් කර තිබේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි. මීට අමතරව මිනුවන්ගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇති ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා කඩිනමින් පියවර ගන්න යැයි ඇමතිවරයා ප්‍රාෙද්ශීය සෞඛ්‍ය බළධාරීන්ට උපදෙස් දුන්නේය. ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කළ හැකි පරිදි දියුණු කිරීම එහි අරමුණයි. ඇමතිවරයා සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක 45 ක් ප්‍රා දේශීය රෝහල් 09 ක්, මූලික රෝහල් 04ක සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනම්න් සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවයි. ඉදිරියේ දී එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සදහා ග්‍රාමීය කමිටු බලාත්මක කරන ලෙසත්, ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට මිනුවන්ගොඩ ප්‍රාෙ ද්ශීය සභා සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාෙ ද්ශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, ග්‍රාම සේවා හා සමෘද්ධි නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– ප්‍රදීප් අනුර කුමාර