කොරෝනා-ඩෙංගු එකවර හැදී බ්‍රිගේඩියර් මියයයි

268

කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත.

කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම වැලදිම හේතුවෙන් මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයේ යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ම’රණයට පත් වූ බව යුද හමුදාව පවසයි.

මිය යන විට 53 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි ව සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙකි.