කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව රෝහලේ දී අතවරයට ලක් වේ

1008

කොවිඩ් – 19 වෛරසයෙන් පීඩා විඳි රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළ දී අතවරයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව අතවරයට කර ඇති බව සඳහන්.

එම සිදුවීම ජුලි 08 වෙනිදා සිදුව ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසනවා.

දැරිය තමාට සිදු වූ දේ පිළිබඳව “ළමුන් සඳහා වෙන් වූ” දුරකථන මාර්ගයක් ඔස්සේ දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව සැකකාර ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Source – timesnownews