කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළට…!!!

236

වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා විය.

ඒ අනුව අද දිනයේදී පමණක් වාර්තා වූ රෝගීන් ගණ්න 39 ක්.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කර සිටියා.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.

පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට එම වෛරසය වැලදී ඇති බවට සැකපළ කරන්නේ පසුගියදා ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා සමග සම්බන්ධකම් දැක්වූ පිරිස් සොයා සිදුකළ නාවික හමුදා මෙහෙයුමකට එක්ව සිටි සෙබලෙක් ගෙන් බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන් යලි කඳවුරට කැඳවා ඔවුන්ට නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.