BREAKING NEWS
Search

කොරෝනා ආසාදනය වූ මුල්‍ය සමාගමක සේවකයින් සිව්දෙනා නවාතැන්පළෙන් එලියට දමයි

174

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තමන් තාවකාලිකව නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් හතරදෙනෙකු ඉවත් කිරීමේ පුවතක් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ හේතුවෙන් අසරණ වූ එම සිව්දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා ගම්පහ නගරයේ තානායම අසල මෝටර් රථයන් තුළ රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායකට දුරකතන ඇමතුමක් ලැබී තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කොට ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බව සඳහන්.