කොරෝනාවෙන් මියගිය විදෙස් ගත ලාංකිකයින් ගැන තොරතුරු.

417

රැකියා සඳහා විදෙස් ගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කොවිඩ් -19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති අංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර සිටියා.මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
 
කුවේට් හිදි 7 දෙනෙකු,සෞදි අරාබි අරාබි අරාබියේ දී 15 දෙනෙකු,ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින් මිය ගොස් ඇති බවත් ඊට කාන්තාවන් දෙදෙනෙකු අයත් වන බවයි විදෙශ් සේවා නියුක්ති කාර්යාංශයෙ සභාපතිවරයා කියා සිටියේ.
 
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගනා අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධනය නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදෙස් සේව නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවෙදි මාධ්‍යයට කරුණු දක්වමිනි විදෙස් සේව නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.