කොරෝනාටත් වඩා භයානක වෙනත් වෛරසයක් ගැන අනතුරු අඟවයි

834

අසල්වැසි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ශීඝ්‍රයෙන් පැතිර පවත්නා‘සිකා’වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වළක්වා ගැනීමට ගතයුතු සියලු පියවර ගැනීමට බලධාරීන් විසින් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා උපුටා දක්වමින් අද (12) පුවත්පත් අවධාරණය කරනවා.

ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන මදුරුවන්ගෙන් වැලඳෙන මෙම‘සිකා’වෛරසය අධි වසංගත තත්ත්වයක් පෙන්නුම් කරන අතර,එම භයානක වෛරසයට ප්‍රතිශක්තිකරණයක් මෙන්ම ප්‍රතිකාරත් නැතැ’යි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කර කරන බවයි පුවත්පත් පෙන්වා දෙන්නේ.