කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

882

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම ටෙස්ට් සංචිතයේ නායකයා දිමුත් කරුණාරත්නයි.

දසුන් ශානක,පැතුම් නිස්සංක,ඕෂධ ප්‍රනාන්දු, ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,ඇන්ජෙලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා සංචිතයට ඇතුලත්.

ධනංජය ද සිල්වා,වනිඳු හසරංග,රමේෂ් මෙන්ඩිස්,විශ්ව ප්‍රනාන්දු,සුරංග ලක්මාල්,අසිත ප්‍රනාන්දු,දුෂ්මන්ත චමීර සහ ලසිත් ඇඹුල්දෙණිය 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ ටෙස්ට් සංචිතයට එක්වීම වෙනුවෙන් ලහිරු තිරිමාන්න,ධනංජය ද සිල්වා,රොෂේන් සිල්වා,විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර දෙරට අතර එක්දින තරග 3ක් ද පැවැත්වෙනවා.

මේවන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව්වන් අතර තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලියක් පැවැත්වෙන අතර එහි පළමු තරගයෙන් කොදෙව්වන් ජයගත් අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.

දෙරට අතර තුන්වන 20 යි 20 තරගය ලබන 8 වනදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන 21 වනදායි.