BREAKING NEWS
Search

කොත්තු – ෂෝටීස් එපා – සෞඛ්‍ය අංශ වලින් උපදෙස්

519

ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීම සඳහා ක්ෂණික ආහාර සහ කොත්තු වැනි ආහාර ලබාගැනීමෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට කොරෝනා එන්නතක් ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවයි.

මේ අතර,කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණදීමට නම් මිත්‍යා විශ්වාස පසුපස නොයා විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

සිය අමාත්‍යාංශයේදී නව වසරේ රාජකාරි කටයුතු අරඹමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාසයන් පසුපස හඹා යන ස්වභාවයක් දක්නට ලැබුණ ද,වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් සිදුකළ යුත්තේ විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමුකරමින් කටයුතු කිරීම බවයි.