BREAKING NEWS
Search

කුසල් මෙන්ඩිස් ගැන තීරණය සාකච්ඡාවෙන් පසු

386

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ලබන 22 වනදා පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා කුසල් මෙන්ඩිස් සහභාගි කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ දක්ෂ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මේ වනවිට යම් පීඩනයකට ලක්ව ඇති බවයි.

දකුණු අප්‍රිකානු චාරිකාවේ ටෙස්ට් ඉනිම 3 කදී ලකුණු බින්දුව බැගින් ලැබූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී අඛන්ඩ සිව්වන වතාවට ලකුණු නොලබා දැවී යාමත් සමඟ ඔහු පිළිබඳව ක්‍රිකට් ලෝලීන් අතර මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ද කතාබහක් ඇතිවූවා.