කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිමෙන් ගාල්ලට ජය

265

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ (19) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුණා.

ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 64 කින් ජයගනිමින්.

මෙවර තරගාවලියේදී සෙසු කණ්ඩායම්වලට එරෙහිව පැවති තරග සියල්ල ජයගත් ජැෆ්නා කණ්ඩායම ගෝල් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ තුන්වන අවස්ථාව මෙය වනවා.

මෙම තරගය පරාජය වුව ද ජැෆ්නා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවන අතර, ඒ සඳහා ඔවුන්ට හෙට (21) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේදී දඹුල්ල කණ්ඩායම පරාජයට පත් කළ යුතුයි.

ඊයේ පැවති පිලිමලුන් පිටුදැකීමේ තරගයේදී කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු හයක ජයක් ලබමින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පළමු තරගයේදී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 145 ක් රැස්කළා.

දඹුල්ල කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 18 යි පන්දු පහක් තුළ කඩුලු හතරක් පමණක් දැවී තිබියදී යි.

දෙවන තරගයේදී ගාලු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුනු 188 ක් රැස් කළ අතර,ජැෆ්නා කණ්ඩායමට පන්දු වාර 16 යි පන්දු පහක් තුළ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණයි.

මෙවර එල්.පී.එල්.තරගාවලියේ අවසන් මහා තරගය ලබන 23 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.