කුසල්ට ඉදිරියේදීය සිදුවන දේ?

301

අධිකරණයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත.

ඔහු නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඔහුගේ රිය පැදවීම් බලපත‍්‍රය අධිකරණය විසින් අත්හිටුවා ඇත.

ඊයේ පෙරවරුවේ පානදුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී.

රියට යටවූ පුද්ගලයාව බලා කුසල් පැන ගිහින්  ඇවිත් ඇත්තේ පැයකින්.රෝහලට ගෙනියලත් නැ.
කුසල්  මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී නැති වූ පුද්ගලයාගේ පශ්චාත්මරණපරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ක්‍රිකට්  ක්‍රීඩක  කුසල් මෙන්ඩිස්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඊයේ උදෑසන 5 ට පමණ පරණ ගාලූපාර හොරෙයිතුඩුව ප්‍රදේශයේ  සිදු වූ එම අනතුරෙන් නැති වී ඇත්තේ 64 හැවිරිදි පානදුර උතුර ගොරකපොළ ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්.

පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම පුද්ගලයා, මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය රථයෙන් බැස, අදාළ පුද්ගලයා නිරීක්ෂණය කර යළි සිය රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් පැයකට පමණ පසු එම ස්ථානයට නැවත පැමිණ ඇති බව ද වාර්තා වනවා.

ප‍්‍දේශවාසීන් කළ දැනුම් දීමකට අනුව අනතුරට ලක්වූ පුද්ගලයා 1990 ගිලන් රථ සේවය ඔස්සේ පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ මැදිහත් වීමෙන් බවයි වැඩිදුරටත් වාර්තා කරා