BREAKING NEWS
Search

කුසල්,චමීර,ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

922

ඒ බංග්ලාදේශය සමග නිමා වූ එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

🔹කුසල් ජනිත් පෙරේරා තුන් වන එක්දින තරගයේදී 6 වැනි එක්දින ශතකය වාර්තා කළ කුසල් පෙරේරා පිතිකරණ අංශයේ 42 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13කිනි.

🔹තෙවැනි තරගයේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සිය හොදම පන්දු යැවීම සටහන් කළ දුෂ්මන්ත චමීර (ලකුණු 16ට කඩුලු 5ක්) පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට රැදී සිටින්නේ 33 වන ස්ථානයේ යි.

🔹මේ අතර, ධනංජය ද සිල්වා ද පිතිකරණ අංශයේ ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 85 වන ස්ථානයේ රැදී සිටිනවා.
ඔහු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2කින් ද ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ 79 වන ස්ථානය දක්වායි.
එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 24 වන ස්ථානය දක්වා ස්ථාන 7කින් ධනංජය ඉදිරියට පැමිණ තිබෙනවා.

🔹වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සම 51 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද (2) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි දැක්වෙන්නේ.