කුවේටයේ සුරක්ෂා නිවසක සිටින ලාංකික කාන්තාවන් 44 කට කොරෝනා : තානාපති කාර්යාලයත් වසා දමයි

507

කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.

මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.‬

ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා තබන අතර හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.