කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ අවදානම වැඩියි – GMOA….!

183

කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් අලුතින් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වෛරසය පැතිර යන භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු සිටියේය.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයන් බවත් ඔවුන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම තවත් බරපතළ කාරණයක් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.