මීගලෑව පොලිස් වසමේ යාය 3 ඇළේ, කාන්තාවක් තම කුඩා දියණිය සමග දිය නාමින් සිටිය දී දැරියව කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් තිබේ.
ඊයේ (15) සවස 4.30ට පමණ මෙය සිදුව ඇත.
ප්රදේශවාසීන් හා මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව දැරිය කිඹුලාගේ ග්රහනයෙන් බේරා ගෙන පසුව තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී දැරිය මියගොස් ඇතැයි මීගලෑව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 හමාරක් වු ලීකොළ වැව,උස්ගල සියඹලාංගමුව ප්රදේශයේ පදිංචි දැරියකි.
මියගිය දැරියගේ මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇත.
මීගලෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.