BREAKING NEWS
Search

කුඩ්ඩන් අල්ලන්න උපකරණයක් ඉදිරියේදී පොලීසියට දෙනවා

251

තහනම් ද්‍රව්‍යය භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය,රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

යම් අයකු තහනම් ද්‍රව්‍යය භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මෙම උපකරණ මගින් දින තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ තහනම් ද්‍රව්‍යය ලබාගෙන ඇති අය හඳුනාගෙන ඇතැයි කී ඇමතිවරයා රිය අනතුරු හේතුවෙන් සිදුවන මියයයෙම් විශාල ප්‍රමාණයකට තහනම් ද්‍රව්‍යය භාවිතය හේතු වී ඇතත් ඒවා භාවිතා කරන්නන් හඳුනාගත හැකි උපකරණ මෙරට නොතිබූ බව කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රිය අනතුරු හේතුවෙන් වසර 10කදී 27,000 ක් මිය ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ වසරේ ගතවූ කාලයේදී පමණක් මියයයෙම් 750ක් වාර්තා වී ඇතැවි පැවසීය.

එම මියයයෙම්වලින් තහනම් ද්‍රව්‍යය නිසා සිදුව ඇත්තේ සියයට 10ක් පමණක් බව කී ඇමතිවරයා සියයට 40කට පමණ හේතුව අධික වේගය බවත්,අධික වේගයෙන් රිය පදවන්නන්ගෙන් බහුතරය තහනම් ද්‍රව්‍යය භාවිතා කරන්නන් බව හෙළිවී තිබෙන බවත් කීවේය.

රටබීම භාවිතා කර රිය පදවන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේද පවතින නමුත් තහනම් ද්‍රව්‍යය භාවිතා කරන්නන් හඳුනාගැනීමේ ක්‍රමයන් නොපැවතීම අඩුවක් බව ද සඳහන් කළේය.

ඩයනා උදයංගනී