BREAKING NEWS
Search

කිරි දෙන මව්වරුන් දෙසීයකට ආසන්න පිරිසක් රෝහල්වල -ගැබිණි මව්වරු 12ක් මරුට

50

ගැබිණි මව්වරුන් දොළොස් දෙනෙකු කොරෝනා වැළඳීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මෙය බරපතළ තත්ත්වයක් බවයි රාජ්‍ය ඇමතිවරිය දිනපතා පළවන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ අතර ගැබිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් දෙසියකට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසනවා.

ගැබිණි මව්වරුන්ට කොරෝනා එන්නත වෛද්‍ය නිර්දේශයන්ට යටත්ව ලබාදීමටද සෞඛ්‍ය අංශ ප්‍රධානී හූ පසුගියදා තීරණය කරනු ලැබුවා.