කිරි අම්මාවරුන්ගේ දානය නිසා ගමට කොවිඩ් පැතිරුණු හැටි

519

හල්දුම්මුල්ල ප්‍රදේශයේ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

දානයට සහභාගි වූ මව්වරු දෙදෙනකුට මුලින් ආසාදිත වීමත් සමග කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙම කිරි අම්මා දානය පැවැත්වූ නිවසේම දෙදෙනකු ඇතුළු එම ගම්මානයේ තව 12 දෙනකු කෝවිඩ් 19 ආසාදනය වීඇති බව තහවුරු වී තිබෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් එම ගම්මානයේ පුද්ගලයින් 190 දෙනකු ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් වාර්තා වනවා.