BREAKING NEWS
Search

කැස්බෑවේ අවුරුදු උත්සවයකට ගිය හැමෝටම කොවිඩ්

113

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් දින 16 කදී කොරෝනා ආසාදිත රෝගීන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම රෝගීන් අතර අමාත්‍යවරයෙක්ගේ බෑණනුවන් හා කාර්ය මණ්ඩලයේ පස් දෙනෙක් ද වන බව එම ප්‍රකාශකයා කීය.

වැඩිම ආසාදිතයින් 147 ක් වාර්තා වූයේ ඊයේ (4 දා) බවත් ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් බව එම ප්‍රකාශකයා කීය.

මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවති අවුරුදු උත්සවයකට සහභාගි වූ සියලුම පිරිස ට කොරෝනා වෛරසය ආසාදිත වී තිබිණි.

තවත් පි.සි.ආර්.පරීක්ෂණ 354 ක වාර්තා ලැබීමට නියමිතව ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මුලාශ්‍ර (අද)