කැලෑ කැපීමට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.. එය නතර කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලනවා – රිෂාඩ් බදියුදීන්

462

විල්පත්තුව කැපීම කියන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් ලංකාවේ තිබෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන දෙකක් එම චෝදනාව තමාට එල්ල කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.

ඒ පිටුපස ඇතැම් ආගමික නායකයන්ද සිටි බවත් මෙම චෝදනාව සම්බන්ධයෙන් තමාට උසාවිය හරහා සාධාරනයක් ඉටු වේයැයි තමන් විශ්වාස කරන බවත් හෙතෙම පවසයි .

මේ ආණ්ඩුව මගින් සිදු වෙනවාය කියන කැලෑ කැපීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකදී ඔහු කියා සිටියේ ඔහු එයට තදින්ම විරුද්ධ බවයි.

කැලෑ කැපීමක් නොවන්නේ නම් විපක්ෂයෙන් එවැනි චෝදනාවක් එල්ල කරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කර සිටී.

එමෙන්ම කැලෑ කැපීම නතර කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු සඳහන් කරයි.ඔහු මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය නැඟු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි .