කැලණිගඟේ වතුර හොඳ බල්ලෝ නාවන්න විතරයි..

182

මෙරට ප්‍රධාන ගංගා 103 අතුරින් සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස කැලණි ගඟ හඳුන්වාදිය හැකිය. මෙරට සිව්වන දිගම ගංගාව වන කිලෝ මීටර් 145 ක දිගකින් යුතු මෙම ගංගාව වඩාත් සුවිශේෂී වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටය.ඊට හේතුව නම් කොළඹ නගරයේ ජනතාවගේ ජල අවශ්‍යතාවයෙන් සියයට අසූවක්ම (80%) සපුරාලනු ලබන්නේ කැලණි ගඟෙන් වීම නිසාවෙනි.

නමුත්,අද වෙද්දී කැලණි ගඟ දැඩි දූෂ ණයට ලක්ව ඇති ප්‍රධාන ගංගා අතරින් ප්‍රමුඛස්ථානයේ පසුවන ගංගාවක් ලෙස හඳුන්වාදිය හැකිය. කොළඹ දිස්ත්‍රික්කය හරහා කැලණි ගඟ ගලා බසිද්දී දැඩි ලෙස අප විත්‍ර වීමට ලක්වන බව මධ්‍යම පරිසර අධි කාරිය විසින් පසුගිය දිනවල සිදුකරන ලද සමීක්ෂණයකදීද අනාවරණය වී තිබේ.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,හෝමාගම,කොළොන්නාව,කඩුවෙල, කොටිකාවත්ත ආදී පළාත් පාලන බල ප්‍රදේශයන්හිදී පමණක් නොව සීතාවක පුර නගර සභා බල ප්‍රදේශය,සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේදීද කැලණි ගඟ දැඩි අප විත්‍ර වීමට ලක්වන බව අනා වරණය වී ඇත.මේ අනුව ගත්විට කොළඹ දිස්ත්‍රික්කයේ සියයට අසූවකට (80%) ජලය සපයන කැලණි ගංගාව සියයට සියයක්ම (100 %)අපවිත්‍ර වීම කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් යැයි කිවහොත් නිවැරදිය.

කැලණි ගංගාව අවිස්සාවේල්ල දක්වා නිහඬතාවකින් ගලා පැමිණියද,අවිස්සාවේල්ලේ සිට කොළඹ නගරය දක්වා ප්‍රදේශයේදී ගඟට කර්මාන්තශාලා,නිවාස ආදියෙන් බැහැර කරනු ලබන අප ද්‍රව්‍ය ප්‍රමාණයන් සුළුකොට තැකිය නොහැකිය. කාර්මික අප ද්‍රව්‍ය බැහැර කිරීම,ම ළ අප ද්‍රව්‍ය බැහැර කිරීම,ගෘහස්ථ අප ද්‍රව්‍ය බැහැර කිරීම,කාර්මික අපදියර බැහැර කිරීම, පාංශු ඛාදනය මගින් සිදුවන අප විත්‍ර වීමට, නාගරික අප ද්‍රව්‍ය බැහැර කිරීම,ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය බැහැර කිරීම,ඛනිජ කැණීම්,අවිධිමත් ලෙස ගංගා ජලය ලබා ගැනීම ආදී කාරණා හේතුවෙන් කැලණි ගඟට එල්ල වී තිබෙන තර්ජනය සුළුපටු නැත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කරන ලද නිරීක්ෂණවලට අනුව කැලණි ගඟ දෙපස ඉදිකර තිබෙන නිවාස රැසක අපජලය පමණක් නොව අප ද්‍රව්‍ය පවා බැහැර කෙරෙන්නේ කැලණි ගඟටය. ගඟ ආසන්නව ඉදිකර තිබෙන පැල්පත් සහ නිවාසවල පදිංචිකරුවන් වැසිකිළි ම ළ අප ද්‍රව්‍ය පවා බැහැර කර ඇත්තේ කැලණි ගංගාවටය.මේ අනුව දිවයිනේ අනෙකුත් ගංගාවලට වඩා කැලණි ගංගාවේ ම ළ අප ද්‍රව්‍ය ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවද අනාවරණය වේ.

කැලණි ගඟ ගලා බසිද්දී කොළඹ දිස්ත්‍රික් සීමාව තුළ මහා පරිමාණ කර්මාන්තශාලා දෙසීය විසිහයක්,මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා දෙසීය හතරක් සහ සුළු පරිමාණ කර්මාන්තශාලා දෙසීය අනූහතක් තිබෙන බව මධ්‍යම පරිසර අධි කාරිය විසින් කැලණි ගඟ ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

නමුත්,කැලණි ගංගාව ආශ්‍රිතව කර්මාන්තශාලා මීට වඩා විශාල ප්‍රමාණයක් පවතින බව පරිසරවේදීන් සඳහන්කරති.එම කර්මාන්තශාලාවල අප ද්‍රව්‍ය හො ර රහසේ බැහැර කෙරෙන්නේද කැලණි ගංගාවටය.පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සඳහන් කරන පරිදි 2018 වසරේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව කැලණි ගඟ ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කර්මාන්තශාල සංඛ්‍යාව දස දහස් පන්සිය එකොළහකි (10,511) කි.

මධ්‍යම පරිසර අධි කාරිය විසින් කැලණි ගග ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයේදී ගඟේ ජලය සාමාන්‍ය පරිදි පිරිසිදු කර භාවිතයට ගතහැකි ස්ථාන මොනවාද,ස්නානය සදහා යොදාගත හැකි ස්ථාන මොනවාද,ජලයේ තත්ත්වය බාල ස්ථාන මොනවාද,සමස්තයක් ලෙස ම ළ අප ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන මොනවාද,කර්මාන්ත අප ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන මොනවාද යන්න පිළිබදව අවධානය යොමුකෙරිණි.කොළඹ දිස්ත්‍රික්කයෙන් කැලණි ගංගාව ගලා බසින් ප්‍රදේශය ආශ්‍රිතව ගග දෙපස දළ වශයෙන් නිවාස පන්දහසක් (5000) පමණ ඉදිකර තිබෙන අතර,එම නිවාසවල ම ළ අප ජලය බැහැර කෙරෙන්නේද කැලණි ගංගාවටය.

කැලණි ගගේ ජලය සම්බන්ධව මධ්‍යම පරිසර අධි කාරිය විසින් දිනපතා ජල සාම්පල පරීක්ෂාවට ලක්කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සඳහන්කරයි.ඒ අනුව ගංගාවේ විවිධ ස්ථාන 17 කින් ලබා ගන්නා ජල සාම්පල ප රීක්ෂාවට ලක්කරනු ලබයි.එම ජලයේ තත්ත්වය වරින් වර වෙනස් වන ආකාරය, මධ්‍යම පරිසර අධි කාරිය විසින් නිරීක්ෂණයට ලක්කර ඇත.

ජලයේ තිබෙන නයිට්‍රේට්,පොස්පේට්,ක්ලෝරයිඩ්, බැර ලෝහ,සල්පේට්,තෙල් වර්ග ආදී ප්‍රතිශතයන් මෙහිදී පරීක්ෂාවට ලක්කෙරේ.කැලණි ගඟේ ස්ථාන දෙකක පමණ ජලයේ රසා යනික ඔක්සිජන් ප්‍රතිශතය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි බවද අනා වරණය වී ඇත.මෙම තත්ත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය කර ඇත්තේ සීතාවක ප්‍රදේශය ආශ්‍රිතවය.එමෙන්ම,කැලණි ගඟට සම්බන්ධ වන කොළොන්නාව ඇළ දැඩි අපිරිසුදු තත්ත්වයකින් යුතුය.කඩුවෙල,හංවැල්ල ආදී ප්‍රදේශවලදී ජලයේ බොරතාවයද වැඩි බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගඟේ ඉඩුරු කඩා වැටීම ආදී හේතූන්ය.

කැලණි ගඟට කර්මාන්තශාලා අප ද්‍රව්‍ය පමණක් නොව පළාත් පාලන ආයතන විසින්ද අප ද්‍රව්‍ය බැහැර කරන අවස්ථාවන් වාර්තාවේ.මේ නිසා කැලණි ගඟට සිදුවන දූෂ ණය සුළුපටු නොවේ. කැලණි ගඟේ ජලය ඇඟේ ගෑවුනත් කසන බවට කැලණි ගඟ ආශ්‍රිත පදිංචිකරුවන් මීට කාලයකට ඉහතදී කියා සිටියේ ගංගාවට විවිධ රසා යනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසාය.

කර්මානත්ශාලා වලින් විවිධ අවස්ථාවන්හිදී හොර රහසේ කැලණි ගංගාවට අපජලය බැහැර කරන අවස්ථාවන්ද වරින් වර වාර්තාවේ.ගඟ දෙපස නිවාස වල කාණු පද්ධති හරවා ඇත්තේද කැලණි ගංගාවටය.එමෙන්ම,නිවාස වලින් ඉවත් කරනු ලබන පොලිතින්,ප්ලාස්ටික්,ඉවතලන ආහාර ඇතුළු සියලු දේ බැහැර කරන්නේද කැලණි ගංගාවටය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කැලණි ගඟ ආශ්‍රිතව සමීක්ෂණ දෙකක් සිදුකර ඇත.මෙහිදී ජලයේ තත්ත්වයන් නිරීක්ෂණයට ලක්කෙරිණි.

“2016 වසරේදී කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්තශාලා හයදහසක් (6000) පමණ තිබුණා.කැලණි ගඟේ සීතාවකින් පහළ ප්‍රදේශයේ ජලය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් තිබුණේ.ඊට හේතුව එම ජලය නෑවොත් ඇඟ කැසීමට ලක්වීමයි.පෑලියගොඩ ප්‍රදේශයේදී ජලය පරීක්ෂා කිරීමේදී එහි ඊකොලයි අන්තර්ගතව තිබුණා.කඩුවෙල සිට කොළඹ දක්වා ගඟ දෙපස තිබෙන නිවාස වලින් සියයට 45 ක පමණ වැසිකිළි වළවල් නෑ.ඒ සියල්ල හරවා ඇත්තේ කැලණි ගඟටයි.කොළඹ නගරයේ වැසිකිළි අප ද්‍රව්‍ය වලින් සියයට 98 ක්ම ගලි බවුසර් වලින් රැගෙන ගොස් බැහැර කරන්නේ කැලණි ගඟට සහ වගුරු බිම් වලටයි.

අද වෙද්දී කැලණි ගඟ දැඩි අප විත්‍ර වීමට ලක්වෙලා තිබෙනවා.මෙම දූ ෂණ තත්ත්වයේ අඩුවීමක් නෑ.කැලණි ගං දෑලේ පිහිටා තිබෙන කර්මාන්තශාලා අතුරින් පරිසර ආර ක්ෂණ බල පත්‍ර ලබාගෙන තිබුණේ කර්මාන්තශාලා 3000 ක් පමණයි.”යැයිද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ කීවේය.

සීතාවක කර්මාන්තපුරයේ කර්මාන්තශාලාවලින් පසුගිය කාලයේදී අපද්‍රව්‍ය බැහැර කෙරුනේ කැලණි ගංගාවටය.ඊට ප්‍රධාන හේතුව නම් ජල ප්‍රවාහ සැලැස්මක් නොමැතිකමය.මේ පිළිබදව මධ්‍යම පරිසර අධි කාරිය විසින් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද ගොණුකර තිබේ.අප ජලය නිසියාකාරව පිරිසිදු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරනතුරු අදාළ කර්මාන්තශාලාවලට පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.වැසි කාලයේදී කැලණි ගඟ දැඩි ලෙසඅපවිත්‍ර වීමට ලක්වේ.ගඟ දෙපස ඉවුරු කඩා වැටීම වැසි දිනවලදී මහා පරිමාණයෙන් සිදුවේ.

කැලණි ගඟ අප විත්‍ර වීම අවම කිරීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාදැයි මධ්‍යම පරිසර අධි කාරියේ අධ්‍යක්ෂ ජන රාල් හේමන්ත ජයසිංහගෙන් අප විමසීමක් කළෙමු.

“කැලණි ගඟ දෙපස තිබෙන කර්මාන්තශාලාවලින් ගංගාවට අප ද්‍රව්‍ය දැමීමට අපි ඉඩ ලබාදෙන්නේ නෑ.කමිටුවක් මගින් එම කටයුතු නිරීක්ෂණය කරනවා.එලෙස අප ද්‍රව්‍ය බැහැර කරනවා නම් පරිසර ආර ක්ෂණ බල පත්‍ර නිකුත් කරන්නේ නෑ. ගංගා වලට පළාත් පාලන ආයතන වලින් අ පද්‍රව්‍ය බැහැර කිරීම විශාල ගැට ලුවක් බවට පත්ව තිබෙනවා.ගංගා දෙපස ඉදිකිරීම් කටයුතු සඳහා අවසරය ලබා දෙන්නේ පළාත් පාලන ආයතන විසින්.ගංගා මිටියාවතේ ඉදිකිරීම් නවතාලීමට පළාත් පාලන ආයතන කටයුතු කරනවා නම් ගංගා අප විත්‍ර වීමද අවම වෙනවා.”යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

කැලණි ගඟ ඔස්සේ දිනකට කසළ ටොන් විශාල ප්‍රමාණයක් වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතියට එකතු වන බව බස්නාහිර පළාත් සභාව අනාවරණය කරයි.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සත්ව විද්‍යා අංශය කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ කැලණි ගඟේ ජලය පිරිසිදු කිරීමකින් තොරව භාවිත කිරීමට හැකි වන්නේ සතුන් නෑවීම සඳහා පමණක් බවය.කැලණි ගඟ දිගේ ගලා එන අප ද්‍රව්‍ය වාරකන් කාලයේදී විශාල ලෙස වෙරළ තීරයන්ට ගොඩ ගසන බව පරිසරවේදීහු පවසති.

කැලණි ගඟ අපවිත්‍ර වීම  වැලැක්වීමට පරිසර අමාත්‍යාංශය,ජලසම්පාදන අමාත්‍යාංශය,රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෝප් කමිටුව විසින්ද නිර්දේශ කර ඇත.

කැලණි ගඟ දෙපස ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැදගත්කම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇති අතර,මෙම අනවසර ඉදිකිරීම් නිසා  ළ අප ද්‍රව්‍ය ගංගාවට බැහැර වන බවත් ජලයඅප විත්‍ර වන බවත් කමිටුවේ සාකච්ඡාවට ලක්වී තිබේ.

කැලණි ගඟ ආශ්‍රිතව පවත්වාගෙන යන හෝටල් සහ ආපනශාලා කිහිපයකම අනවසර ඉදිකිරීම් පවතින බවත් ඒවාට පරිසර ආරක්ෂණ බල පත්‍ර ලබාගෙන නොමැති බවත් අනාවරණය වී ඇත.

බියගම අපනය සැලසුම් කලාපය ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නිසා කැලණි ගඟ දූෂ ණය වීම පිළිබඳව ද කිතුල්ගල ප්‍රදේශයේ පවත්වාගෙන යන වාහන සේවා ස්ථාන හතක ජලය පිරිපහදු කිරීමකින් තොරව ගඟට නිකුත් වීම පිළිබඳව ද කොහිලවත්ත සුසාන භූමියේ බැම්ම ගඟ දෙසට කඩාවැටීම පිළිබඳව පසුගිය දා කෝප් කමිටුවේද සාකච්ඡාවට ලක් වුණේය.කැලණි ගඟ කොතෙක් අපවිත්‍ර  වී ඇත්දයි ඒ අනුව ඉතාම හොඳින් පැහැදිලිය.

සාලිය කුමාර ගුණසේකර -උපුටා ගැනීම අරුණ