BREAKING NEWS
Search

කාලි ආවේශ වී වෛද්‍යවරයෙක්ට පහර දුන් ධම්මික වෙද මහතා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹයි

292

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව කෑගල්ලේ ධම්මික කපු මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇතැයි කියන වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් කෑගල්ල පොලිසිය වෙත යොමුකර ඇතැයි මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මීට සතියකට පමණ ඉහතදී කෑගල්ලේ ධම්මික කපු මහතාගේ නිවෙසට ගිය බවත්,එහිදී කපු මහතා තමාට බැණ වැදී ත\ර්ජනය කරන්නට පටන් ගත් බවත්, ඉන් අනතුරුව තමාට පහර දුන් බවත් අදාළ වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.මෙම සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.