කාලයක් ගියත් අමතක කරන්න බැරි පුදුම හිතෙන සම්බන්ධතා 06 ක්

375

සමහර සම්බන්ධතා සහ බැඳීම් තියෙනවනේ කොයි තරම් කාලයක් ගියත් අපේ හිත්වලින් අමතක කරන්න බැරි..අපි කියන්නේ ගහට පොත්ත වගේ කියලා..එහෙමත් නැතිනම් ජාඩියට මුඩිය වගේ කියලා.. අද අපි කතා කරන්න හිතුවේ අපේ සමාජයේ අපි එහෙම අහන දකින වගේම අපේ මතකයට එන එහෙම සම්බන්ධතා කිහිපයක් ගැන.

1.භාතිය-සංතුෂ්

භාතිය සහ සංතුෂ්..එහෙමත් නැතිනම් B&S.අපේ රට ජාත්‍යන්තරයට රැගෙන ගිය තරුණ දක්ෂ සංගීතවේදීන් දෙදෙනෙක්.පොඩි කාලේ සමහර වෙලාවට අපිට හිතුනේ BnS කියන්නේ දෙන්නෙක් නෙවෙයි..එක්කෙනෙක්ගේම නමක් කියලා..ඒ තරමටම ඒ බැඳීම අපේ රටේ සංගීත කලාවට නැවුම් වෙනසක් කරා. අද වෙද්දි ඔවුන් දෙදෙනා සාර්ථක ව්‍යවසායකයින් දෙදෙනෙක් වගේම ලොව පුරා සිටින ශ්‍රී ලාංකීය සංගීතයට ඇලුම් කරන රසිකයින්ගේ සන්නාමයක් තරමටම දිගු ගමනක් ඇවිල්ලා..

2. සෙලාන් බැංකුවයි – වෙස්ටර්න් යූනියන් සේවාවයි

මතකනේ ලන්ඩන් වල ඇල්බට් අංකල්ගේ ඇඩ් එක..අදටත් අපි හරිම ආසාවෙන් ඒ දැන්වීම මතක් කරනවා.ඉස්සර ඉඳලම වෙස්ටර්න් යූනියන් කියපු ගමන්ම අපේ ඔලුවට එන්නේ සෙලාන් බැංකුව.මොකද ලෝකේ රටවල් සහ ප්‍රදේශ 220 කටත් එහා තියෙන වෙස්ටර්න් යූනියන් වල අපේ රටේ සාඩම්බර උරුමය තියෙන්නේ සෙලාන් බැංකුවත් එක්ක.ඒ නිසාම තමයි ලෝකේ මොන රටක ඉඳලා සල්ලි දැම්මත් තමන්ගේ ශාඛා 172 න් ඒ සල්ලි ටික බොහොම ඉක්මනට පරිස්සමට ඔබට ගන්න සෙලාන් බැංකුව අවස්ථාව දීලා තියෙන්නේ.ඒ වෙනුවෙන් ඒ අය ශාඛාවන් 15 ක් සෙනසුරාදා දවස්වලත් විවෘත කරලයි තියෙන්නේ. අනිත් එක පෝලිම් වල වරු ගණන් ඉන්න,අනවශ්‍ය ලියකියවිලි පුරවන්න ඕන වෙන්නෙම නැහැ. ඉතිං සෙලාන් සහ වෙස්ටර්න් යූනියන් කියලා කියන්නෙත් හරියට ගහට පොත්ත වගේම හැමදාමත් අපේ මතකයේ තියෙන ශක්තිමත් බැඳීමක්

3.මහේල-සංගා

ක්‍රිකට් ලෝකයේ අපේ වීරයෝ දෙන්නෙක්.එකම අවධියක වගේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න වරම් හිමිකරගත්ත ඔවුන් දෙදෙනා නිසා ජයග්‍රහණය අපට හිමි කර දෙමින් නිමාවුන තරඟ අදටත් අපේ මතකයේ තිබෙනවා.කාලයක් කණ්ඩායමේ නායක-උප නායක ලෙසින් කටයුතු කල සංගා සහ මහේල ,ලොව ටෙස්ට් තරඟයක ඉහලම ලකුණු සම්බන්ධතාවයත් හිමිකම් කියනවා.ඒ වගේම 2007 දී සහ 2011 දී ක්‍රිකට් ලොව අනු ශූරයන් වන්නට වගේම 2014 දී පන්දු වාර 20-20 ක්‍රිකට් ශූරයින් බවට පත්වන්නටත් මහේල-සංගා සුසංයෝගයෙන් ලැබුනු දායකත්වය කිසි ලෙසකින් අමතක කරන්නට බැහැ.ක්‍රිකට් පිටියෙන් එපිට දෙදෙනා එකතුවී සාර්ථක ව්‍යාපාරයන් පවා පසුව ආරම්භ කලා.අදටත් ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය මෙරට ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ලැබීම අගය කල යුත්තක්.

4. මාතර බත් කඩයි – පානුයි පරිප්පුයි

මාතර බත් කඩ නම් අඟහරුවලත් තියෙනවා කියලනේ කතාවට කියන්නේ.තමන්ටම ආවේණික විදිහට හදපු භාජන පෙල ගැස්මක වගේම ඉස්සරහ පොල් අතුවලින් සකසපු මාතර බත් කඩවල කෑමත් බොහොම රසවත්. මාතර විතරක් නෙවෙයි.ලංකාවේ හතර දිග් බාගයේම මාතර බත් කඩවල් බිහිවෙලයි තියෙන්නේ.ඒත් එක්කම පාන් සහ පරිප්පු අතර තියෙන සම්බන්ධේ අමතක කරන්නත් බැහැනේ.අර කතාවටත් කියන්නේ,පරිප්පු නැති හෝටලයක් වගේ කියලා ..ඉස්සර ඉඳලම මේ කියපු මාතර බත් කඩ,පාන්,පරිප්පු වගේ දේවල් එක්ක විතරක් නෙවෙයි කොත්තු එක්ක පවා අපේ අයට තියෙන්නේ ආත්මීය බැඳීමක්.

5. Youtube – Facebook

You tube සහ facebook කියන්නේ ආයතන දෙකක වෙනම මාධ්‍යයන් දෙකක්නෙ කියලා ඔබට හිතේවි.ඒත් අපේ රටේ බහුතරයක් අදටත් අන්තර්ජාලයට ආව ගමන් මුලින්ම කරන්නේ එක්කෝ facebook එකට ලොග් වෙන එක.එහෙමත් නැතිනම් you tube එකට ලොග් වෙලා තමන් කැමති වීඩියෝ එකක් බලන එකක්. ලෝකේ අනිත් රටවල්වලට වඩා මේ මාධ්‍යන් දෙකත් එක්ක අපේ අයගෙ තියෙන බැඳීම වැඩියි. සමහරවිට පසුගිය කාලයේදී අන්තර්ජාලය භාවිතා කරන්න පෙළඹුනු පිරිස වැඩි වීමත් මෙයට එක හේතුවක් වෙන්න ඇති. කොහොම වුනත් ඉස්සරහට මොන මොන මාධ්‍යයන් ආවත් you tube සහ facebook එකට තියෙන තැන උදුරාගන්න පුලුවන් වෙයිද කියලා නම් සැකයක් තියෙනවා

06.සිග්නල්-බාටා-සන්ලයිට්-පැනඩෝල්

අදටත් අපි කඩේකට ගිහිල්ලා ගොඩක් වෙලාවට සබන් කැටයක් ඉල්ලනවනම් ඉල්ලන්නේ සන්ලයිට් කියලා.මොකද රෙදි හෝදන සබන් කියන්නේ සන්ලයිට් කියලා හිතන විදිහටම ඒ නම අපේ ඔලුවට කා වැදිලා. ඒ වගේ තවත් නාමයන් කිහිපයක්ම තියෙනවා.ටූත් පේස්ට් එකක් ඉල්ලනවා වෙනුවට,සිග්නල් එකක් දෙන්න… සෙරෙප්පු කුට්ටමක් වෙනුවට ,බාටා දෙකක් දෙන්න..පැරසිටමෝල් වෙනුවට පැනඩෝල් දෙකක් දෙන්න … කියන තරමටම ඒ නම් අපේ ඔලුවට කා වැදිලා.