කාන්තාවන්ට ලස්සන කෙස්කලඹක් සඳහා වැදගත් වන උපදෙස්

211

නිරෝගි,ශක්තිමත් දිදුලන කෙස් කලඹක් ඇතිකරගැනිම වගේම පවත්වාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා හොඳ පෝෂණයක් බාහිරව සහා අභ්‍යන්තරව ලබාගත යුතුයි.කෙස් කලඹේ මෘදු, ඝනකම් හා සුසිනිදු බව වර්ධනය කරගනිමින් එහි සුන්දරත්වය පවත්වාගැනීම සඳහා ඔබට බොහෝ ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම.

කෙස්කලඹ සේදීමේදී…

හිසකෙස් පීරාගන්න.උණුසුම් වතුරින් සෝදන්න.
අත්ලට ෂැම්පු ස්වල්පයක් ගෙන ඉන් අනතුරුව හිසකෙස් වල ආලේප කරන්න.
කන් වල සිට හිස පි‍ටුපස තෙක් ඇඟිලි ගමන් කරවමින්, කෙස් මුල් කොටස් වෙත ෂැම්පු ගැල්වෙන සේ සියුම්ව සම්බාහනය කරන්න.
උණුසුම් වතුරෙන් කෙස්කලඹ සෝදාහරින්න.
හෙයාර් කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න
උණුසුම් වතුරින් කෙස්කලඹ සෝදාගන්න. අවසානයේ සිතල හෝ සාමාන්‍ය වතුරෙන් සෝදාගන්න.
හිසකෙස් මුල් සිට අග කොටස් දක්වා සියුම් ලෙස තුවායකින් කෙස්කලඹේ තෙත මාත්තු කරගන්න.

මතක තබාගන්න!

නපතා කෙස්කලඹ සේදීම හොඳ අදහසක් නොවේ. ඉන් කෙස්කලඹේ ස්වභාවික තෙල් ආවරණය නිතර සේදී යයි.අධික වියළි බව නිසා සමේ තෙල් ශ්‍රාවය වීම වැඩිවිය හැකි අතර හිසකෙස් තෙල් අධික ස්වභාවයකට පත්විය හැකියි.

හිසකෙස් ආරක්ෂාව සඳහා භාවිතා කරන විශේෂ නිෂ්පාදනයක් ගල්වන්න.

කොටස් කිහිපයකට කෙස්කලඹ බෙදාගන්න.
හිස්කබලට අඟල් 6 ක්(සෙ.මී. 15) ක් පමණ ඈතින් බ්ලොව් ඩ්‍රයර් එක අල්ලාගෙන හිසකෙස් මුල් සිට අග දක්වා වියළා ගන්න.
හිස පි‍ටුපස හා පැති කොටස් පළමුව වියළා ගන්න.කෙස් මුල් අසලින් බෙදාගත් හිසකෙස් කොටස් මදක් ඉහළට ඔසවා පහළ අතට ඩ්‍රයර් එක භාවිතයෙන් වියළා ගන්න.
අවසාන වශයෙන් මැද කොටස් වියළා ගන්න.
සතියකට එක් වරක් හෝ දෙවරක් පමණක් බ්ලොව් ඩ්‍රයර් එක භාවිතා කරන්න.අධිකව භාවිතයෙන් වළකින්න.

අධික උණුසුම ඇති දිනවල මෙවැනි ක්‍රම භාවිතා නොකරන්න.
කර්ලිං අයන් (curling iron) එකක් ‍තෝරාගැනීම
තුනී (සිහින්) කෙස්කලඹක් ඇති අය සඳහා- 338 ̊F (170 ˚C)
සාමාන්‍ය කෙස්කලඹක් ඇති අය සඳහා-392 ̊F (200 ˚C)
ඝනකම් කෙස්කලඹක් ඇති අය සඳහා-446 ̊F (230 ˚C)
හැඩය


සිලින්ඩරාකාර (cylindrical)
කේතුකාකාර (conical)
මෝස්තරය අනුව කර්ල් කිරීමට ගත කළ යුතු කාලය
තත්පර 5
තත්පර 7
තත්පර 10

තෙත කොණ්ඩය කර්ල් කිරීමෙන් (‍රැළි කිරීම) වළකින්න
සෑම භාවිතයකටම පසු කර්ලිං අයන් එක පිරිසිදු කරන්න
දිනපතා එය භාවිතා නොකරන්න.

හෙයා ස්ට්‍රේට්නර් (hair straightener) උපකරණයක් ‍තෝරාගැනීම

තාප උෂ්ණත්වය
තුනී කෙස්කලඹක් ඇති අය සඳහා -338 ̊F (170 ˚C)
ඝනකම් කෙස්කල්ඹක් ඇති අය සඳහා-446 ̊F (230 ˚C)
වර්ග
සෙරමික් (ceramic)
හිසකෙස් දිගේ පහසුවෙන් ලිස්සා යයි.
නිතර භාවිතය සඳහා සුදුසුයි.
‍ටුවර්මලින් (tourmaline)
ඝනකම් බොකු‍ටු කෙස්කලඹක ඇති අය සඳහා සුදුසුයි.
ස්ථිතික විද්‍යුත ඇතිවීමෙන් වළකයි.
ටයිටේනියම් (titanium)
වෘත්තීය මට්ටමේ හිසකෙස් අලංකරණ කටයුතු සඳහා වඩාත් ගැළපේ.
භාවිතා කරන අයුරු


හිසකෙස් වල ආරක්ෂාව සඳහා තර්මල් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ (thermal protection spray) ස්වල්පයක් ආලේප කර වියළෙන්නට හරින්න.
කෙස්කලඹේ පි‍ටුපස සහ පැති කොටස් ස්ට්‍රේට් කිරීම අරඹන්න.
හිසකෙස් මුල් වල සිට අග දක්වා ස්ට්‍රේට්නර් එක ගමන් කරවන්න.
හිසේ මැද කොටස් අවසානයේ ස්ට්‍රේට් කරගන්න.
කෙස්කලඹ තුලින් පීරාගන්න.
තත්පර 2-3 කට වඩා එකම තැන ස්ට්‍රේට්නර් එක රඳවාගෙන ඉන්න එපා.
සතියකට එක් වරක් පමණක් හැර නිතර නිතර භාවිතා කිරීමෙන් වැළකීසිටින්න.
නිතිපතා මෙම උපකරණ පිරිසිදුව තබාගන්න.

කෙස්කලඹ සඳහා සුදුසු තෙල් වර්ග

හිසකෙස් සඳහා අමතර සත්කාරයක් ලෙස තෙල් ගැල්වීම සිදුකරයි. මින් කෙස්කලඹට හොඳ ප්‍රතිලාභ ලැබෙයි.වෙනත් හෙයාර් මාස්ක් වර්ග සහ ප්‍රතිකර්ම සමඟ මේවා මුසු කර භාවිතයට ගත හැකියි.
අලිගැට පේර තෙල්
හිසකෙස් මෘදුකිරිම, පෝෂණය කිරීම සහ තෙතමනය ලබාදීම සිදුකරයි.
භාවිතා කරන ආකාරය:
*අලිගැට පේර තෙල් මේස හැඳි 5 ක් පොල් තෙල් මේස හැඳි 3-5 ක් සමඟ මිශ්‍ර කරන්න.
*තෙල් මිශ්‍රණය මදක් රත් කර, හිසකෙස් වල ගල්වන්න.
*මිනිත්තු 15-20 ක් පමණ හිස මත ‍රැ‍ඳෙන්නට හරින්න.

ආර්ගන් තෙල්
හිසකෙස් වලට තෙතමනය ලබාදෙමින් පෝෂණය කරන අතර හිසකෙස් අලුතින් වර්ධනය වීමට අවශ්‍ය සහය ලබා දේ.
භාවිතා කරන ආකාරය:
*එම ස්වභාවයෙන් හෝ වෙනත් තෙල් වර්ගයක් සමඟ මිශ්‍ර කර භාවිතා කරන්න.
*හෙයාර් කන්ඩිෂනර් වෙනුවට භවිතා කළ හැකියි.

පොල් තෙල්
භාවිතා කරන ආකාරය:
*හානිවූ හිසකෙස් වලට ජීවය දෙමින් කෙස්කලඹ නීරෝගි කරයි.
*හිස මත ගල්වා සම්බාහනය කරන්න.
*බිංදු කිහිපයක් ඔබේ ෂැම්පු බෝතලයට මුසු කර භාවිතා කරන්න.

ජොජෝබා තෙල්
හිසකෙස් පෝෂණය කරන අතර ශක්තිමත් කරමින් ආරක්ෂා කරයි.
භාවිතා කරන ආකාරය:
*හිස මත ගල්වා සම්බාහනය කරන්න.
*ඇඟිලි තුඬු වලට බිංදු ස්වල්පයක් ගෙන කෙස්කලඹේ දිගේ ගල්වාගන්න.

බර්ඩොක් තෙල්
හානි වූ හිසකෙස් අළුත්වැඩියා කරමින් , කෙස්කලඹට හොඳ පෝෂණයක් ලබාදෙමින් ශක්තිමත් කරවයි.
භාවිතා කරන ආකාරය:
*තෙල් මදක් රත්කර හිසකෙස් පුරා ගල්වාගන්න.
*හිසකෙස් මත ගැල්වූ පසු තුවායකින් ඔතා පැයක් පමණ ගත වන තුරු තෙල් ‍රැ‍ඳෙන්නට හරින්න.

හෙයාර් මාස්ක් වර්ග (hair masks)
සාමාන්‍ය කෙස්කලඹක් ඇති අයට හිසකෙස් පෝෂණය කරවන මාස්ක් එකක්
බර්ඩොක් තෙල් මේස හැඳි 2
ඔලිව් තෙල් මේස හැඳි 2
විටමින් A බිංදු 10
විටමින් E බිංදු 10

මේ සියල්ල එකට මිශ්‍රකර මදක් රත්කරන්න. හිසකෙස් මත ගල්වා පැයක් පමණ තිබෙන්නට හරින්න. අවසානයේ තෙල් ඉවත්වනතුරු කෙස්කලඹ හොඳින් සෝදාගන්න.

දුර්වල කෙස්කලඹකට හිසකෙස් ශක්තිමත් කරවන මාස්ක් සත්කාරයක්
එඬරු තෙල් තේ හැඳි 1
මී පැණි මේස හැඳි 1
කෝමාරියා යුෂ මේස හැඳි 1
සියල්ල එකට කළවම් කර, හිසකෙස් පුරා ගල්වන්න. පැය බාගයක් පමණ තිබෙන්නට හැර කෙස්කලඹ සෝදා පිරිසිදු කරගන්න.

හානි වූ හා වියළි කෙස්කලඹකට මාස්ක් සත්කාරයක්
හණ ඇට තෙල් හෝ බර්ඩොක් තෙල් මේස හැඳි 2
ලෙමන් යුෂ තේ හැඳි 1/2

තෙල් රත්කර ඊට ලෙමන් යුෂ දමා මිශ්‍ර කරන්න. හිසකෙස් මත මිශ්‍රණය ගල්වාගන්න, ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයකින් හිස ආවරණය කර ඊට උඩින් තුවායක් ද ඔතාගන්න. පැය බාගයක් පමණ තිබෙන්නට හැර හිස සෝදාගන්න.
පෙනුමින් තෙල් අධික කෙස්කලඹකට ඵලදායි මාස්ක් එකක්
වියළි අබ මේස හැඳි 2
උණුසුම් වතුර මේස හැඳි 4
රූපලාවන භාවිතයට ගන්නා මැටි මේස හැඳි 3
මී පැණි මේස හැඳි 1
ලෙමන් යුෂ මේස හැඳි 1
සියල්ල හොඳට මිශ්‍ර කර, හිසකෙස් මත ගල්වා මිනිත්තු 30-40 පමණ ගත වනතුරු තිබෙන්නට හරින්න. අවසානයේ, සාමාන්‍ය පරිදි කෙස්කලඹ සෝදා පිරිසිදු කරගන්න.
කෙස්කලඹට අභ්‍යන්තර පෝෂණයක් ලබාදීම
විටමින් සහ ඛනිජ ලවණ වලින් අනූන සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ලබාගැනීම නීරෝගි කෙස්කලඹකට ඉතා වැදගත් වේ.
විටමින් C
හිස්කබලේ රුධිර සංසරණය වැඩිදියුණු කරමින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
පැඟිරි පලතුරු (දොඩම්, ලෙමන්, දෙහි, නාරං, ග්‍රේප්ෆෘට් වැනි) පලතුරු වල මේවා බහුකය. ස්ට්‍රෝබෙරි, මිදි වැනි බොහෝ පලතුරු වර්ග වල මෙම පෝෂක අන්තර්ගතය.බෙල්පෙපර් වැනි එළවළු වර්ග වලද විටමින් C අඩංගුය.
ඔමේගා-3
සිරුර වියපත් වීමේ ක්‍රියාවලිය මන්දගාමී කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරවයි.
මාලු, මුහුදු ආහාර, හණ ඇට, අලිගැට පේර, වොල් නට් වැනි ආහාර වල මෙම මේද අම්ල බහුලය.
විටමින් A
සෛල ප්‍රතිවර්ධනය උත්තේජනය කරන අතර වියපත් වීමේ ක්‍රියාවලිය මන්දගාමී කරවයි.
පීකුදු, කොටේජ් චීස්, කැරට්, බිත්තර කහමද, වට්ටක්කා වැනි ආහාර වල මේවා බහුලවේ.
සින්ක් සහ සෙලේනියම්
පාරිසරික අහිතකර බලපෑම් වලින් ආරක්ෂාව ලබාදෙයි.
බිත්තර, හරක් මස්, රයි පාන්, එළකිරි සහ මුහුදු ආහාර වල මේවා අඩංගුවේ.
විටමින් E
හිසකෙස් මුල් පෝෂණය කරයි. අහිතකර UV කිරණින් ආරක්ෂාව ලබාදෙයි.
නට් වර්ග, ඇට වර්ග, බිත්තර, කොළ පැහැති පත්‍ර එළවළු වර්ග සහ එළවළු තෙල් වල මේවා අඩංගුය.
විටමින් B
හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. කෙස්කලඹට හොඳ දීප්තියක් මෙන්ම නම්‍යශීලිබවක් එක්කරයි.
සීරියල්, නට් වර්ග, නිවුඩු, බිත්තර වල මේවා අඩංගුය.

සෑම හෙයාර් කලර් එකකටම ඊට සත්කාර කළ යුතු වෙනම නිර්දේශ පවතියි.

ලා වර්ණ ගැන්වූ කෙස්කලඹකට
මාස්ක් සඳහා සුදුසු තෙල් වර්ග-පීච්, ඔලිව්, ජොජෝබා, අලිගැටපේර හෝ පොල් තෙල්
එඬරු තෙල් භාවිතා නොකළ යුතුයි.
හිසකෙස් ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කළ ජලයෙන් සේදීමෙන් එහි වර්ණය නඩත්තු කරගත හැකියි.
තද වර්ණ ගැන්වූ කෙස්කලඹකට
හෙයාර් කලර් එක ආරක්ෂා කරගැනීම සඳහා ඔලිව් තෙල් හෝ ඇප්‍රිකොට් මද වලින් සැකසූ තෙල් වඩාත් සුදුසුයි.
පැඟිරි පලතුරු සාරයෙන් සෑදූ එසෙන්ෂියල් ඔයිල් වර්ග භාවිතයෙන් කෙස්කලඹේ දීප්තිය ‍රැකගත හැකියි.
රතු පාටින් වර්ණ ගැන්වූ කෙස්කලඹකට
හෙයාර් කලර් එක ආරක්ෂා කරගැනීම සඳහා ඔලිව් තෙල් හෝ ඇප්‍රිකොට් මද වලින් සැකසූ තෙල් වඩාත් සුදුසුයි.
බර්ඩොක් තෙල් වලින් හිසකෙස් වඩාත් මෘදුවේ.

සීත කාලවලදී

කෙස්කලඹේ ආරක්ෂාවට හිස්වැසුමක් පලඳින්න. බ්ලොව් ඩ්‍රයර් එක අඩු උෂ්ණත්වයක් යටතේ භාවිතා කරන්න.කාමරයේ හියුමිඩිෆයර් උපකරණයක් භාවිතා කරන්න.
හිසකෙස් පෝෂණය සඳහා
මාස්ක්, සීරම් සහ තෙල් සත්කාර සිදුකරන්න. හොඳ විටමින් පෝෂණයක් ලබාගන්න.
උණුසුම් කාලවලදී
කෙස්කලඹේ ආරක්ෂාවට හිස්වැසුමක් පලඳින්න. හිරු එළියෙන් ආරක්ෂා වීමට සන්ස්ක්‍රීන් භාවිතා කරන්න. ඩ්ලොව් ඩ්‍රයි වැනි ක්‍රම භාව්තයෙන් ඈත් වීම සුදුසුයි.
පෝෂණය සඳහා මාස්ක්, සීරම් සහ තෙල් සත්කාර සිදුකරන්න. හොඳ විටමින් පෝෂණයක් ලබාගන්න.