BREAKING NEWS
Search

කාටවත් ඔලුව නවන්නෙ නෑ. ලංකාවෙ ක්‍රිකට් මම හදලා දෙන්නම්” – අර්ජුන රණතුංග

847

බිද වැටී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි යථා තත්ත්වයට පත් කිරීමටනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.එවැනි කමිටුවක වගකීම භාර ගැනීමට ද තමා සූදානම් බවත්,මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වසර දෙකක පමණ කාලයක් තුළ දී යළි ශක්තිමත් කිරීමට තමාට හැකියාව පවතින බවත්, ඔහු කියා සිටියේ.

මේ වෙලාවෙ අවශ්‍යම දේ අතුරු පාලක මණ්ඩලයක්.යනුවෙන් අර්ජුන රණතුංග මහතා සදහන් කළා.මම භාර ගන්න කැමතියි.හැබෙයි මට ඕනෙ කණ්ඩායමක් එක්ක. කොන්දේසි සහිතව.දේශපාලන අත ගැසීම් එන්නෙ නැහැ කියලා මම දන්නවා.හැබෙයි මට සහයෝගය ඕනෙ.(හිටපු ක්‍රීඩකයින්ගෙන්) ඒ(අවශ්‍ය) ක්‍රමවේදය මම හදල දෙන්නම්.හැබැයි එක දෙයක් තියෙනවා.

එක එකාට ඔලුව නවන්නෙ නෑ.මගෙ ටීම් එක දැම්මොත් මම ඒක හදල දෙන්නම්. මම ඒක කරපු කෙනෙක්. ඕක හදන්න එච්චර අමාරු නෑ.