ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අභියෝග කුසලානය වෙනුවෙන් ඊයේ ගාල්ලේදි රග්බි තරගයක් පැවැත්වුනා.
ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම අතරයි මෙම තරඟය පැවැත්වුනේ.
කලක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරු වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද මෙම තරඟයට ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම නියෝජනය කළා.
මෙම තරගය ශ්‍රී ලංකා නීති විද්‍යාල රග්බි කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ රග්බි කණ්ඩායම ජයග්‍රහණය ලබමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අභියෝගතා ශුරතාවය ද දිනාගත්තා.