ක්‍රීඩක දක්ෂතා මත පදනම්ව ගෙවීමේ ක්‍රමයට මුරලිගේත් කැමැත්ත.

256

ක්‍රිකට් සංවර්ධන සදහා පත්කරන ලද තාක්ෂණික කමිටුවට ඇතුලත්වීම පිළිබදව සතුටුවන බව මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කොට ඇත. එම කමිටුවෙහි සභාපතිත්වය අරවින්ද සිල්වාට හිමිවී ඇති අතර සෙසු සාමාජිකයන් වන්නේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාරයි.

”ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර 10කට පසු කමිටුවට ඇතුළත් වීමට මගේ කැමැත්ත ලබා දුන්නා. අප සියලු දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කිරීම සදහා මම මෙම කමිටුවට සම්බන්ධ වුණා.” යනුවෙන් Sunday Morning වෙත දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් මුරලිදරන් ප්‍රකාශ කොට ඇත.

”අපගේ නිර්දේශයන් මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක නොවුනහොත්,කමිටුවෙන් ඉවත් වීමට මම පසුබට වෙන්නේ නෑ.”

දක්ෂතා මත පදනම්ව ගෙවීම සිදුකිරීම සම්බන්ධයෙන්ද මුරලිදරන් අදහස් දක්වා ඇත.

”නිසැකවම අපි ඔවුනට මුදල් ගෙවන විට ක්‍රීඩකයන් හොදින් දස්කම් දැක්විය යුතුයි. ඔවුන් දස්කම් දක්වන්නැතිනම් කණ්ඩායමේ රැදී සිටීමට ඔවුනට අයිතියක් නෑ.ආයතනික මට්ටමින් වුවද සේවකයන්ට ඔවුන්ගේ කාර්‍යසාධනය පෙන්වීමේදී දිරි දීමනා හිමිවන අතර මෙහිදීද එය අදාළ විය යුතුයි.”