BREAKING NEWS
Search

ක්‍රීඩකයින්ගේ විනය හදන්න ඕනේ ඉස්සරවෙලා -අර්ජුන

282

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට නම් වත්මන් පරිපාලනය වෙනස් කර ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා..

“තේරීම් කමිටුවේ සභාපතිවරයා විතරක් ඉවත් කරලා බැහැ. ප්‍රධානම හොරු ටික ඉන්නේ ප්‍රධාන විධායක තනතුරුවල. මම කියන්නේ ක්‍රීඩකයින්ගෙත් යම් යම් අඩුපාඩුත් තියෙනවා. විනය පිරිහිලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේකට තේරීම් කමිටුවේ සභාපති අයින් කරලා හරි එහෙම නැත්නම් කැප්ටන්ම මාරූ කරලා හරි නැත්නම් ක්‍රීඩකයෙක්ව අයින්කරලා හරි. මේක නෙමෙයි කරන්න ඕනේ. සියලුදෙනාම පැත්කට වෙලා ටික කාලයකට ක්‍රීඩකයින්ට භාරදීලා බලන්න කරන්න පුළුවන්ද කියලා මම වගකීමෙන් කියනවා.අපි ඒ වගේ වගකීමක් දුන්නොත් මේ ක්‍රිකට් කියෙන එක හදන්න එච්චර අමාරු නැහැ. විනය හදන්න ඕනේ ඉස්සරවෙලා,“