2 තරගයෙන් පසු ! ක්‍රිඩකයන් මානසික ඒකාග්‍රාතාවයට බලපෑමක් වෙලා. -ලෙස පැතිර යන කතාව අසත්යක්

4526

 

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානී තුමාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු ද තහවුරු කලේ දැනට පවතින බංග්ලාදේශ තරඟ අවසානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුයේ නැති බවත් ශ්‍රී ලංකා පිලේ නායක කුසල් ජනිත් විසින් එබඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්ය. බංග්ලාදේශ තරඟාවලිය ආරම්භයට පෙර මාධ්‍ය සමඟ සිදුකළ කරුණු දැක්වීමක දී ඔහු දැක්වූ අදහස් යොදා ගනිමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවක් පෙනී යන බව ද ඔහු පවසා සිටියා.

මේ නිසා බංග්ලාදේශ තරඟාවලිය ආරම්භයට පෙර මාධ්‍ය සමඟ කුසල් ජනිත් සිදුකළ කරුණු දැක්වීම අප පරීක්ෂා කළා.

එම වීඩියෝවේ 4 වන විනාඩියේ පමණ සිට, කොන්ත්‍රාත්තුව පිළිබඳව ක්‍රීඩකයින් නොසතුටින් සිටින බවට වාර්තා වන බවක් පිළිබඳව මාධ්‍යවේදියෙකු සිදුකළ විමසීමක දී කුසල් ජනිත් මුලින්ම පවසන්නේ ඒ සම්බන්ධයෙන් යම් යම්  ගැටළුකාරී තත්ත්වයන් තිබුණ ද තරඟාවලියක් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නොවන බවයි.

කෙසේවෙතත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී කුසල් පවසා සිටින්නේ එම හේතුව නිසා මානසික බලපෑමක් නෑ කියන්නේ නම් එය නිවැරදි නොවන අතර ඉදිරියේදී ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සකච්ඡා කිරීමෙන් පසුව සාදාරණ ලෙස විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එම කරුණු දැක්වීම සහිත වීඩියෝ කිහිපයක් පහතින්

ඉහත වීඩියෝවේ ම කොන්ත්‍රාත්තු ප්‍රශ්නය පිළිබඳ ව නැවත වරක් 8 වන විනාඩියේ දී පමණ විමසීමක් සිදුවන අතර නැවත වරක් කුසල් පවසන්නේ එම ප්‍රශ්නය ලංකාවට පැමිණීමෙන් පසුව ඒ ගැන ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය යම්කිසි එකඟතාවයකට පැමිණිය යුතු බවත් තරඟාවලියක් ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ එළඹෙන තරඟාවලියේ ජනග්‍රහණය ලබාගන්නා ආකාරය පිළිබඳව බවයි.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එ්කාග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වා නොමැති බවයි.